ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.