ඉන්ධන බෙදුම්කරුවන්ට දෙන 3% වට්ටම් මුදල ඉවත් කිරීමත් සමගින් මින් ඉදිරියට කිසිදු අයකුට ණයට ඉන්ධන නිකුත් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම් කරුවෝ තීරණය කරති .
ඒ අනුව මින් ඉදිරියට කිසිදු පාරිභෝගිකයකුට ක්‍රෙඩිට් කාඩ් පත් වලට ඉන්ධන නිකුත් නොකරන බවයි කියා සිටින්නේ . . ඒ අනුව රාජ්‍ය ආයතනවලටත් ඉන්ධන සදහා මුදල් ලබා දුනහොත් පමණක් ඉන්ධන ලබා දීමට තීරණය කරයි
ඔවුන් පවසන්නේ සියයට තුනක වට්ටම් මුදලෙන් කළ හැකි කාර්යයන් පමණක් මින් ඉදිරියට කරන බවත්, පිරවුම්හල්වල සේවකයන් ද සිය රාජකාරි කටයුතු කරන්නේ තමන්ට පැවරී ඇති කාල සීමාව තුළ පමණක් බවත්ය. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන 3% වට්ටම් මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, එම මුදල ද අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී පිරවුම්හල් වසා දැමීමට සිදුවිය හැකි බවත්, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මෙරට ඉන්ධන පිරවුම්හල් 1400 ක් ඇති බවත්, එම පිරවුම්හල් අතරින් පිරවුම්හල් 700 ක් පමණ ඉන්ධන වෙළෙඳාම සිදුවන්නේ ඉතාම අඩුවෙන් බවත් එම සංගමය පෙන්වා දෙයි.