දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලසැපයුම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.
මේ හේතුවෙන් උස් බිම් ප්‍රදේශවල පාරිභෝගිකයන්ට මුර ක්‍රමයට ජලය ලබා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනයද ඉහළ ගොස් ඇති බවත් බෙදාහැරීමේදී ජල පීඩනයද අඩු තත්ත්වයකට පත්ව ඇති බවත් මණ්ඩලය කියා සිටී.
උස් බිම්වල සිටින ජල පාරිභෝගිකයන් සදහා බවුසර රථ යොදා ජලය බෙදා හැරීමටද මණ්ඩලයේ කටයුතු යොදා තිබේ.
අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් වශයෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකරණය වාහන සේදීම ආදී අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පානීය ජලය භාවිතා නොකරන ලෙසද මණ්ඩලය තවදුරටත් ඉල්ලයි.