මහා කන්නයේ වී අස්වනු නෙළන සෑම ගොවියෙකුම සිය අස්වැන්නෙන් වී කිලෝ ග්රෑම් 300 ක් රජයට ලබා දීමට ත්රිකුණාමල දිස්ත්රික් කෘෂිකර්ම කමිටු වූයේ දී සියලු ගොවි සංවිධාන එකඟතාවය පළ කළ බව ත්රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසීය.
රජය විසින් ඇලවේලි ප්රතිසංස්කරණය කර සහන මිලට බීජ සහ පොහොර ලබා දී ගොවි බිමේදී නොමිලේ උපදෙස් ලබා දීම සිදුකරද්දී එක් ගොවියෙකු අවම වශයෙන් වී කිලෝ ග්රැම් තුන්සීයක් රජයට ලබා දීම යුතුකමක් බවට කමිටුවේ පැවැති සාකච්ඡාවකට එකඟතාවය පළ කරමින් ගොවි සංවිධාන මෙයට එකඟවු බව දිසාපතිවරයා පෙන්වා දුන්නේය.
දැනට රජය ප්රමිතියෙන් යුක්ත නාඩු කිලෝ ග්රෑම් එකක් රුපියල් 120/= ට මිලදී ගනිද්දී පෞද්ගලික වෙළඳුන් අස්වනු නෙළන අවස්ථාවේදී කුඹුරට පැමිණ ප්රමිතිය නොසලකා වී කිලෝ ග්රැම් එකක් වෙනුවෙන් රුපියල් 125/= ක් ලබා දෙද්දී රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් තමන් මෙයට ප්රතිචාර දැක්වූ බව ගොවි සංවිධාන කියා සිටීයහ.
මෙම දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ත්රිකුණාමල දිසාපති කාර්යාලයේදී පැවති අතර මෙම අවස්ථාවට ත්රිකුණාමලය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් අක්මීමන, දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂ කේ. සුබ්රමණියම් යන මහත්වරු ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියහ .අස්වනු නෙලන මේ දිනවල ගොයම් කපන යන්ත්ර සඳහා විවිධ මිල ගණන් අයකරන බැවින් ගොයම් කැපීම සඳහා රුපියල් අක්කරයකට රුපියල් දහතුන් දාහක ස්ථාවර මිලක් නියම කිරීමටද කෘෂිකර්ම කමිටුවේදී තීරණය විය.