ගම්පහ විජේරත්න
වෙළද සැල් තුළට පැමිණ අයකැමි භාරයේ තිබු මුදල් සුක්ෂම අයුරින් පැහැර ගන්නා විදේශීය යුවළක් ගණේමුල්ල නගරයේ වෙළද සැලකින් මුදල් පැහැරගෙන ගොස් තිබේ.
අදාල යුවළ වෙළදසැලේ අයකැමි වරයා රවටා ඉතා සුක්ෂම ලෙස රුපියල් හතළිස් දහසක මුදලක් පැහැර ගෙන ගොස් ඇතැයි සොයා ගෙන තිබේ.
සිය වෙළද සලෙහි cctv කැමරාව පරික්ෂාකිරීමේදි මුදල් සොරා ගන්නා අයුරු සටහන් වි තිබෙන බව වෙළද සැල් හිමියා පවසයි.