හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර, එම ක්ෂේත්රයේ නිරත වූවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන්ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභිකයින් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර පැවැති හමුවකදීය.
එහිදි දේශීය ටෙලිනාට්‍ය නිර්මාණවේදීන් සහ එම ක්ෂේත්රයේ නිරත වූ නිෂ්පාදන පාර්ශ්වය වර්තමානය වන විට මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විධිමත්ව විමසා බැලීමත්, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමත්, එමෙන්ම දේශීය ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්රයට අදාළව රජයේ නව යෝජනා සහ සැලසුම් දියත් කිරීම පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කර දේශීය ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංවිධාන සමඟ පවත්වනු ලබන සාකච්ඡා මාලාව යටතේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.