කාලයේ ඇලපාත පොලිස් වසමේ උතුරු දෙල්ලබඩ ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල ලැබීම හේතුවෙන් රත්නපුරය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඇලපාත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 28 ක් වූ කරංගොඩ, රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර දැනට එම සම්බන්ධතාවය නැවැත්වීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 31ක් වන සැකකරු සිද්ධිය වූ ස්ථානයට ආසන්න වෙල්යායක වස පානය කර වැටී සිටියදී පොලිස් නිලධාරීන් භාරයේ ප්‍රථිකාර සඳහා රත්නපුරය රෝහල වෙත ඇතුලත් කර ඇත.
ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.