හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් සහ නුවරඑලිය දිස්ත්රික්කය නියෝජනය කල ඇතැම් දේශපාලඥයන් අවිධිමත් ලෙස සිදු කල සංවර්ධන කටයුතු හේතුවෙන් හැටන් නගර සභා සිමාවේ ජිවත් වෙන ජනතාව මෙන්ම හැටන් නගරයට විවිධ ප්රදේශවලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් දැඩි පිඩාවට පත් වි ඇති බව නුවරඑලිය දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පා.ම මංජුල සුරවිරආරච්චි මහතා පැවසිය.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ 2024 වසරේ සිට 2033 වසර දක්වා හැටන් නගරය විධිමත් ලෙස සංවර්ධනය කිරිමේ සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය මගින් (29) දින හැටන් හයිලන්ඩ් ජාතික පාසලේ ශ්රවණාගාරයේදි එළිදැක්වු අවස්තාවේ අදහස් ප්රකාශ කරමින් මංජුල සුරවිරආරච්චි මහතා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ හැටන් දික්ඔය නගර සභා සිමාවේ වර්තමානයේ ප්රධාන ගැටළුවක් වන කැලි කසල බැහැර කිරිමට නිසි ඉඩමක් නොමැති විමේ ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දි ක්ලින් ශ්රි ලංකා වැඩසටහනට සමගාමිව හැටන් නගරය නුවරඑලිය දිස්ත්රික්කයේ අලංකාරවත් නගරයක් බවට පත් කරන බවයි.