Spread the love


නිමල් රාජපක්ෂ

පුත්තලම සිට පානදුර දක්වා ධාවනය වු කාර්යාල දුම්රියේ කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ ගමන් කල මගීන් 30 දෙනෙකු සංචාරක ප්‍රවේශපත්‍ර පරික්ෂකවරු අද (29 ) පෙරවරුවේ කළ පරික්ෂාවකදි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 10 දෙනෙකු සිිටි බව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුදත් රෝහිත මහතා පවසයි.
අදාල දුම්රියේ පෙරවරු 7.00 පමණ රාගම දුම්රිය ස්ථානයේ නතර කළ අවස්ථාවේ දුම්රියට ගොඩවී සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන තිබේ.
මෙහිදි මගීන් 13 දෙනෙකුගෙන් ඒ මොහොතේම දඩ අයකර ගත් අතර ඉතිරි මගීන් ඇපකර තබා ගොස් ඇතැයිද රෝහිත මහතා පැවසුවේය.
සංචාරක ප්‍රවේශපත්‍ර පරික්ෂක සුදත් රෝහිත මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.