නාගොඩ සුමන.
උතුරු පළාතෙ ඩෙංගු මර්දන සහකාර නිලධාරීන්ගෙ ගැටලුව විසඳීමට අවශ්‍ය කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා පැවසීය.
එම නිලධාරීන් 2017 සිට රුපියල් 22000 වැටුපකට තාවකාලික පදනමින් සේවය කරයි.
සිය රැකියා ස්ථිර කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටීයී.
ඒ පිළිබඳව අදාළ අංශ වෙත දැනුම් දෙන බව වැඩිදුරටත් ආණ්ඩුකාරවරයා පැවසීය.