Spread the love

තමා සමග සිටින සෙනඟ දකින්න දකින්නට, තමාට එන කරදර වැඩි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි..

මර්දනයෙන් පමණක් තම දේශපාලනය සිදුකළ හැකි බවට සමහර දේශපාලන පක්ෂ විශ්වාස කරන බවත්, රට ගොඩනැගීමට ඔවුන්ට වැඩ පිළිවෙලක් නොමැති බවයි ඔහු පවසා සිටින්නේ.

තමා මර්දනයට සූදානම් බවද, එයට මුහුණදෙන බවද, තමාගෙන් පළිගත්තාට තම පාක්ෂිකයන්ගෙන් පළි නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.