Spread the love

අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025” අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවය.

පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා…මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්

මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා. යැයිද පැවසුවේය.