Spread the love

ඉමදූව පොලිස් වසමේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුළුගහ හන්දිය ආසන්න ප්‍රදේශයේදී ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඊට ඉදිරියෙන් ඉමදූව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් බස් නැවතුමේ නතර කිරීම සඳහා වේගය අඩු කරන අවස්ථාවේ එකිනෙක ගැටී ඇත.

ඒ අවස්ථාවේ ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයේ පිටුපසින් ගාල්ල දෙසට ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් ගැටීමෙන් බස් රථ තුනම අනතුරට පත්ව ඇත.

අනතුරින් බස් රථ තුනෙහිම ගමන් කල මගීන් 29 දෙනෙකු ප්‍රථිකාර සඳහා ඉමදූව හා කරාපිටිය රෝහල් වෙත යොමු කිරීමෙන් පසු 15 දෙනෙකු නේවාසිකව ප්‍රථිකාර ලබයි.

ඉමදූව පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.