Spread the love

නාගොඩ සුමන

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව තුළ මේ වනවිට යහපත් ආකල්පයක් ඇතිබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
එය ඉතා යහපත් තත්ත්වයකි.
අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජනතාව යම් වගකීමකින් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරයි.
මෙම තත්ත්වය නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ඇතිබව එම අමාත්‍යංශය පවසයි.
මේ අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඉදිරියේදී ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන විධිමත් කරන බව ආරක්ෂක නියෝජ්ය අමාත්‍ය අනුර ජයසේකර මහතා පැවසීය.
ඊට අමතරව ජේෂ්ඨ පුරවැසියන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඒ හරහා සම්බන්ධ කර ගන්නා බව පැවසීය.
ඒ අනුව මේ වනවිට දිවයින පුරා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කර තිබේ.
ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් එම දැනුවත් කිරීම් සිදුවන බව වැඩිදුරටත් පැවසීය.