නාගොඩ -සුමන
වයස අවුරුදු 40 වැඩි පුද්ගලයන්ගෙන් 10% “පුප්පුශීය අවහිරතා රෝගය” ඇතිබව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පැවසුවාය.
ස්වාස නාළය සහ ස්වාස නාලිකා ආශ්‍රිතව මෙම රෝගය හට ගනීයි.
ලෝකයේ සිදුවන මිනිස් මරණ අතර 07 වැනියට වැඩිම මරණ සිදුවනුයේ මෙම රෝගය වැලදීම හේතුවෙනි.
දීර්ඝ කාලය ඇඳුම රෝගය ඇත්නම් ඒ පිළිබඳව වහා අවධානය යොමුකර ඖෂධ ලබාගත යුතුය.
උස් ස්ථානයකට නැගීමේදි විටින් විට උස්ම ගැනීමට අපහසුනම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
එය පුප්පුශීය අවහිරතා රෝගය දැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සඳහා යොමු විය යුතුය.
එසේ නොවුණහොත් මෙම රෝගය හඳුනා ගත හැක්කේ වයස අවුරුදු 50 ඉක්මවූ පසුවය.
එවිට පෙනහලු දුර්වල වී තිබේ.
මෙම රෝගය “ඇඳුම” රෝගයට සමාන වෙයි.
එම රෝගය පිළිබඳව සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති බව වැඩිදුරටත් පැවසුවාය.
–