Spread the love

ජනතාව මත පටවා ඇති හිටපු ජනාධිපතිවරුන්, ආර්යාවන් හා ඇමතිවරුන් නඩත්තු කිරීමේ බරෙන් ජනතාව නිදහස් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසhs’

පක්ෂ භේදයකින් තොරව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් “මහින්ද රාජපක්ෂගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය” මැයෙන් සංසදයක් නිර්මාණය කරගෙන ඇති බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වර්ග අඩි 30,554 ක පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් පමණ වන බවත් මෙම නිවස අතීතයේදී කුඩා එකක් බවත් පසුව විවිධ ඉඩම් කොටස් එකතු කර මේ වනවිට අක්කරයක පමණ ඉඩමක මෙම නිවස පිහිටා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම නිවස අලුත්වැඩියාවට පමණක් රුපියල් ලක්ෂ 430 කට වඩා අධික මුදලක් වැය කර ඇති බවත් එහි අලුතින් විදුලි සෝපාන යන්ත්‍රද සවිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රටේ ජනතාව මෙවැනි වැය බරක් දරාගත යුතුදැයි ගැටලුවක් මතුවන බවත් නිවසින් ඉවත් වන ලෙස පවසනකම් නොසිට ඉවත්වන ලෙසයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.