Spread the love

නාගොඩ -සුමන

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් විසි කළ තහනම් ද්‍රව්‍ය රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගෙන ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය.
ඊයේ (22) පස්වරු 05.00 ට පමණ බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහලින් යම් පුද්ගලයෙකු බන්ධනාගාරය තුළට පාර්සලයක් ලෙස සකසා මෙම ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට විසිකර තිබේ.
බන්ධනාගාරය තුළ සේවා රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නිළධාරීන් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකථන 07ක්,ඊට යොදන බැටරි 07ක් ,හෑන්ඩ් ෆී 02ක සහ දුම්කොල  25ක් එලෙස අඅත්තඩංගුවට ගෙන තිබෙ.
ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ දුම්කොල සියල්ල විනාශ කිරීමට නියමිතයි.
සෙසු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.