රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට අඬෙන තරම් ඡන්දය ලබාදී ඇති බවත් දැන් ආණ්ඩුව සිදුකළ යුත්තේ ඇඬීමකින් තොරව වැඩකිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර පවසයි.
ඒ අනුව තවදුරටත් 76 වසරක සාපය ගැන ප්රකාශ කරමින් විපක්ෂයට චෝදනා කරමින් බෝල පාස් නොකර වැඩකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් මත්පැන් බලපත්ර 300 ක් ලබාදුන් බවට චෝදනා කළද ඒවා අහෝසි කිරීම ගැන හෝ ආණ්ඩුව දැන් කිසිදු සාකච්ඡාවක් නොකරන බවත් ඒවායේ හිමිකරුවන් සමඟ ආණ්ඩුව ගිවිසුමකට පැමිණ ඇද්දැයි සැකයක් මතුවන බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.