Spread the love

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයට උඩුදුම්බර පොලිස් වසමේ කහටගොල්ල ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පවතින බවට ගොඩනැඟිලි පර්යේෂණ නායයාම් හා අවධානම් කළමනා කරණ අංශයේ නිලධාරින් විසින් අද දින සිදුකළ පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතල අනතුරු සිදුවිය හැකි බැවින් 2025.01.20 වන අද දින සවස 0600 සිට 2025.01.21 වන දින උදෑසන 0600 දක්වා කාලය තුල මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර ඇත.

විකල්ප මාර්ග –
මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩුදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩුදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.