නිමල් රාජපක්ෂ-
මධ්‍ය සුරාබදු රසායනාගාරය නුදුරේදීම විවෘත කරන බව සුරාබදු කොමාසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
රුපියල් මිලියන50 කින් ප මණ ඉදිවෙන සුරාබදු රසායනාගාරය තුළින් බියර් හා අරක්කු රම් බැන්ඩි ජින් වොඩ්කා, ටිකිලා සහ අනුකාරක විදේශ මත්පැන් වලට අදාලව දැනට තිබෙන රසායනාගාරයේදි සැර ප්‍රමාණය හා පී.එච් අගය යන දෙක සදහා මුලික පරික්ෂාවන් සිදු කරන බවද පැවසුවේය.
පුගොඩ පිහිටි මධ්‍ය සුරාබදු රසායනාගාරය පිළිබද තොරතුරු ලබා ගැනිම සදහා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි හා පුගොඩ සුරාබදු සුරාබදු පරීක්ෂක එල්.එච් එම් .එච් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් විමසීමේදී ඹවුන් පැවසුවේ.
”
ශ්‍රී ලංකාවේ මත්පැන් වර්ග බොහෝමයක් සදහා ප්රමිතීන් ප්‍රසිද්ධ කරලා තිබෙනවා ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය . ඒ ප්‍රමිතින් වල තිබෙනවා රසායනික පරාමිති. ඒ රසායනික පරාමිති පරික්ෂා කරන්න තමයි. මේ රසායානාගාරය ඉදි කරන්නේ . මේකේ ප්‍රධාන මත්පැන් වර්ග වන බියර් , විස්කි ,බැන්ඩි ජින් ,රම් වොඩ්කා,ටිකිලා සහ අනුකාරක විදේශ මත්පැන් වලට අදාලව දැනට තිබෙන මුලික පරික්ෂාවන් සිදු කරනවා. අතර මීට අමතරවදේශීය මත්පැන් වලට අරක්කු හා රා විතරයි. නමුත් රා වලට විතරයි ප්රමිතීන් ප්‍රසිද්ධ කරන්න තිබෙන්නේ .ඒකත් අවසාන අධියරේ තිබෙන්නේ.මුලික වශයෙන් මේකදී කරන්නේ ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය ප්‍රසිද්ධ කරපු ප්‍රමිතීන්වල තිබෙන පරික්ෂණ මේම රසායනාගාරයෙන් සිදු කරන්නේ .
සමහර පරික්ෂණ සදහා ටික කාලයක් ගතවෙනවා. ඊට පස්සේ මේ රසායනාගාරයේ දෙවන අධියර සදහා අධි තාක්ෂණික උපකරණ ගන්න ඹ්නෑ. ඒක අපිට 2023 අයවැයෙන් වෙන්කල මිලියන 200 න් මුලික එක හදලා කරන්න වෙලාවක් නැති නිසා මේ පාර ඊළග අයවැයෙන්ලබා ගන්න අපි ඉල්ලීම් කරලා තිබෙනවා .එහෙම කලොත් අප දැන් සැලසුම්කරන ලද පරීක්ෂණ වේගයත්ව කනරන්න පුලුවන්. ඒ සදහා GC -MS උපකරණය ගන්න ඹ්නැ.ඊට අමතරව ඇල්කො ලයිස කියන උපකරණයත් ගන්න ඹ්නෑ .එකෙන් තමා ඉක්මනින් ඉතාම නිවැරදිව පරාමිතීන් පරික්ෂා කරනනේ . මේ උපකරණ අපත් සමගින් නීතිමය කටයුතු වලට යනවිට භාවිතා කරන රසපරීක්ෂක දෙපාර්තුමේන්තුව භාවිතා කරන ඒවා. සමහර සමාගම්වලද මේවා භාවිතා කරයි. එහේම උපකරණ ගත්තොත් දවසකට සාම්පල් 50-60 වුවත් පරික්ෂාකර ගත හැකියි.නමුත් දැනට තිබෙන ඒවායින් කලොත් දවසකට පරික්ෂණ තුන හතරන් පමණයි කල හැක්කේ . සමහර ඒවා විස්සක් තුහක් කල හැකියි. නමුත් සමස්තයක් හැටියට විශ්ලේෂණ වාර්තා දෙනකොට සියළුම පරාමිතීන් වලට දෙන්න ඹ්නෑ. ඒ නිසා සම්ප්‍රදායික ක්‍රමයට කල විට පරක්කුවක් ගන්නවා.ඒක වලක්වන්න තමා අපි අර උපකරණ ඉල්ලන්නේ .රසායනාගාරය හදන කොට අපි ඒ සදහා වෙනම අධිතාක්ෂණ විද්‍යාගාරයක් සදහා වෙන් කරලා තිබෙන්නේ .දැනට උපකරණ හැරෙන්න ගෘහ භාණ්ඩ තිබෙනවා.
ඒකට අවශ්‍ය සියළු දේ ගන්න හදලා තිබෙන්නේ .දැනට එම ස්ථානය සදහා විදුලි පරිපථ සකස් කරමින් යන්නේ වායු සමිකරණ සවි කරමින් යන්නේ .ඒවා සවිකලායින් පසු මේ රසායනාගාරය පටන් ගන්න පුලුවන් .
දැනට පරීක්ෂණ පැවැත්වීම සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සදහා ලැයිස්තු සකස්කර ප්‍රධාන කාර්යාලට යවලා තිබෙන්නේ. ඒවා සදහා මිල ගනන් කැදවා මිලදි ගන්න ඹ්නැ. එම නිසා ඉදිරි මාස දෙකක් යන්න කලින් රසායනාගාරය පටන් ගන්න පුලුවන් මෙම රසායනාගාරය සදහා රුපියල් මිලියන 50 කට ආසන්න ආයෝජනයක් යනවා මේක ඉවර වෙනවිට . මේ සදහා අවශ්‍ය වාර්තාවක් යවලා තිබෙන්නේ .මිල ගනන් කැදවා අවශ්‍ය උකරන ලබා ගත් විට රසායනාගාරය පටන් ගන්න පුලුවන් බවද පැවසුවේය.
වඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න