Spread the love

දුම්රිය රියදුරු විභාගය හේතුවෙන් අද දහවල් 12 වන විට දුම්රිය ගමන් වාර 22 ක් අවලංගූ වී ඇති අතර අද සවස් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වනු ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. .
අසණීප නිවාඩු වාර්තා කොට ඇති රියදුරු ප්‍රමාණය තවත් ඉහළට යාම නිසා මේ වනවිට රියදුරන් 33 දෙනකු ලෙඩ නිවාඩු වාර්තා කොට තිබේ.

මේ හේතුවෙන් පාර්සල් ප්‍රවාහන දුම්රිය ගමන්වාර දෙකක් ද අවලංගු වී ඇතැද දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.