දේශිය වෙලදපොලේ පවතින සියඹලා හිගයත් සමග හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් රු 2000 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බව වෙලෙදුන් පවසයි.
රු 350-400 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල සියඹලා කිලෝවක් පවතින හිගයත් සමග රු 2000 කට අලෙවි කිරිමට සිදු වි ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.
මේ දිනවල සියඹලා ගස් වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිගය පවතින බවයි වෙලෙදුන් කියා සිටියේ.
හින්දු ජනතාව ව්‍යාංජන පිළියෙල කිරිමේදි සියඹලා බහුල වශයෙන් භාවිතා කරන අතර, හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හෝදදට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වෙයි.