Spread the love

වසර දහයක් තිස්සේ විදුලි බලාගාර ගොඩනැඟීමට කිසිදු ආයෝජනයක් රට තුල සිදුකර නැතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එක් එක් අවස්ථාවල විදුලි බිල අවභාවිත කිරීම ද විදුලි අර්බුදයට හේතුවක් බවත් ඇය පෙන්වා දේ.

2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමත් සමග විදුලි බිල 400%කින් වැඩි වූ බවත් ඒ නිසා රටේ කර්මාන්ත පවත්වා ගෙන යෑම අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඇය සදහන් කරයි.

ස්වර්ණවාහිනි නාලිකාවේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය.

ඊට ප‍්‍රතිචාර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. මහතා චානක සඳහන් කළේ උමා ඔය විදුලි බලාගාර ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව සමග එක් වී ජනතා විමුක්ති පෙරමුණ නතර කළ බවත් ඒ නිසා රටට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 400ක් බවයි.

බදුල්ල බණ්ඩාරවෙල ගිලා බසින බව පවසා උමා ඔය නතර කළ ද අනතුරුව එය ගෝඨාභය පාලනය යටතේ සම්පූර්ණ කළ ද තවමත් එම නගර ගිලා බැස නොමැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.