Spread the love

රට තුල ඇතිව තිබෙන රතු කැකුළු සහල් උග‍්‍ර හිඟය මත දිස්ත්‍රික්ක කිහිපයක වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ හම්බන්තොට ඇඹිලිපිටිය මොණරාගල අම්පාර යන දිස්ත්‍රික්කවල වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කරන බවයි.

අවශ්‍ය වුවහොත් ආරක්ෂක ඊට අංශවල සහයෝගය ලබාගන්නා බවද ඔහු පැවසුවේය.