Spread the love

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබේ.

ඒ අනුව ඔවුන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යටාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිව තිබූ අතර ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවනු ඇත.

මෙම අවස්ථාවට එක්වූ විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකිසා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට මෙම ශ්‍රමිකයින්ට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි බවය.

අදාළ ශ්‍රමිකයින් පිරිස ඊයේ (28) දින ඊශ්‍රායලය බලා පිටත්වය යාමට නියමිතව තිබුණි.