Spread the love

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

මෙරට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% – 1.5% ක් පමණ ප්‍රමාණයක් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වැය වන බවත්, එසේම නෝට්ටු මගින් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බවයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පෙන්වා දෙන්නේ.

මෙම හේතු නිසා, රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බව ද, GOVPAY යෙදුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

GOVPAY යෙදුම සඳහා රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බවත්, ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතන ද එම යෙදුම හා සම්බන්ධ කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.