Spread the love

නිමල් රාජපක්ෂ –
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගම ,නැදුම්ගොල්ල හා කිරිදිවැල යන ප්‍රදේශ වල ජලමුලාශ ආශ්‍රිතව ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු ඊයේ (27) සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරවල තිබි කසිප්පු ස්ප්‍රීතු බෝතල් 20 ක් , ගෝඩා ලීටර් 1200 ක් බැරල් ,දගර හා පෙරීමට ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ සහකාර සුරාබදුකොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
සැකකරුවන් ජලමුලාශ්‍ර ආශ්‍රිතව මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම නිසා විශාල පරිසර හානියක් සිදු කරන බවද සුරාබදු නිලධාරින් පවසයි


අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ඉදිරියේදි පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
සුරාබදු කොමසාරින් ජෙනරාල්වරයාගේ උපදෙස් මත, ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ, ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ, පූගොඩ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පුගොඩ සුරාබදු ස්ථානයේ පරීක්ෂක වරුන්වන සුගත් ජයවංශ හා වෑත්තෑවේ වසන්ත, සුරාබදු කෝප්‍රල් වරුන් වන 757 සුමේධ, 918 ජයමාන, 1058 උදාර, 1062 බුද්ධික සහ සුරාබදු නියාමක රියදුරු රත්නායක යන මහත්වරු මෙම වැටලිම සිදු කළහ.