Spread the love


නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ දුමරිය සේවාවට වසර 160 ක් අදට සපිරෙයි . ඒ නිමිත්තෙන් අද කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා විශේෂ දුම්රියයක් උදෑසන 09.45 කොළඹ කොටුවේ සිට පිරිත් සච්ජානා කිීරීමෙන් පසු ගමන් ඇරඹීය.

1864 -12-27 දින ප්‍රථම දුම්රිය ගමන කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ආරම්භය සනිටුවන් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානනත්වයෙන් අද උදෑසන මෙසේ දුම්රිය ගමන් පිටත්වුයේය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාද කොලඹ කොටුවේ සිට’රඹුක්කන දක්වා ගමන් අරඹා රඹුක්කන දුම්රිය ස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වුය. එයට සමගාමීව අද සවස 6 අනුරාධපුර ශ්‍රී මහා බෝධින්වහනසේ අභියස අවුරුදු 160 දුම්රිය සේවාව පැවත්වාගෙන යාමට ඇපකැපවු අයට පිංපැමිණවීමට සදහා පින්කමක් පැවත්වන බවද පැවසුවේය.

වීඩියෝව නරඹන්න