Spread the love

නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මෙම පිරිස අතර කාන්තා රැදවියන් 4 දෙනෙකුද නිදහස ලබන බවයි එම දෙපාර්තුමේනතුව පැවසුවේ.