Spread the love

නිමල් රාජපක්ෂ-

සෑම වසරකම ශ්‍රී ලංකාවේ දරුවන් ජාත්‍යන්තරයේ පැවැත්වෙන ”ඹලිම්පියා ‘‘තරඟා වලිය සදහා සහභාගිකරවා රන් ,රීදී ,ලෝකඩ පදක්කම් හා සහතික ලබා දීමට පියවර ගන්නා බව කැළණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රෝනික විද්‍යා අංශයේ මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා පවසයි.


මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා එසේ පැවසුවේ ශ්‍රි රාජ් මාධ්‍ය ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ජාවකදීය.
මෙහිදී අදහස් දැක්වු මහචාර්ය වරයා තමන් ආ ගමන් මග මෙසේ පැවසුවේය.
කරන්දෙණිය තල්ගහවත්ත ග්‍රාමයේ ඉපිද තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා උසස් අධ්‍යාපනය හා ද්විතික අධ්‍යාපනය කරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලයෙන් ලබා 1981 වසරේ කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයට ශිෂ්‍යයකු හැටියට ඇතුලු වුණේය.


නමුත් වාසනාව කොහේ හිටියත් ලැබෙනවා කියන එක සත්‍යයක් බවට සනාථ වනබව අප කවුරුත් දැන ගත යුතුයි. මන්ද කැළණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු හැටියට බැදුණු ඹහු විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගැනීමත් සමගින් එහිම තාවකාලික ආචාර්ය මණ්ඩලයේ ආචාර්ය වරයකු හැටියට සම්බන්ධ වීමට වාසනාව උදාවි ඇත. එතනින් නොනැවතුණු ඹහු ස්ථිරවම ආචාර්යවරයකු හැටියට සේවය කිරිමට පත්වීමක් ලැබීය.
එතැනින් නොනැවතිනු ඹහු පුරා වසර 39 කැළණිය විශ්ව විද්‍යාලයේම සේවය කොට උසස් ලබා ඹහු අද භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රෝනික විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර් වරයකු හැටියට සේවය කරන බව නිහතමානි ආඩම්බරයකින් අප හා පැවසුවේය.

”තවදුරටත් අදහස් දැක්වු මහාචාර්ය වරයා පාසල් දරුවන් ජාත්‍යන්තරයටගෙන යාම සදහා අපේ භෞතික විද්‍යාඥයින් ගේ සංගමය ක් තිබෙනවා .එය වෘත්තිය සමිතියක් නොව වෘත්තිකයින්ගේ සංගමයක් . එම සංගමයේ මාත් සාමාජිකයෙක්

.එම සංගමය තුළින් පාසල් දරුවන්ගේ විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිම සදහා විවිධ වැඩසටහන් කරනවා. පාර්ලිමේන්තුව පනතකින් සම්මතවු ආයතනයක් බැවින් මේ තුළින් ශ්‍රී ලංකාවේ දරුවන් ගේ අන්තර් ජාතික කණ්ෂ්ඨ’‘ ඹලිම්පියා’‘ තරගයට ශිෂ්‍යයින් සහභාගි කරවීම මගේ කාර්යභාරය වී තිබෙනවා. මාහට අන්තර් ජාතික කිණ්ෂ්ඨ විද්‍යා ඹලිම්පියා තරගයට ශිෂ්‍යයින් සහභාගි කරවන එක පැවරි තිබෙන කාර්යභාරයයි. ඒ සදහා ලංකාවේ දුදරුවන් තෝරාගෙන ඒ තරඟ තිබෙන රටවලට දරුවන් සහභාගී කරවන එකසිදු කරනවා. 2016 වසරේ සිට මෙම දරුවන් තෝරාගෙන ශ්‍රි ලංකා කිණ්ෂ්ඨ විද්‍යා ඹලිම්පියා තරගය සදහා දරුවන් තෝරාගෙන සහභාගි කරවිමෙන් ඹවුන්ගේ කුසලතා ඹප්නැන්වීම රන් , රිදී ලෝකඩ කියන සම්මාන සහතික කුසලතා සහතික ලබාදෙනවා.

”ඹලිම්පියා ”යනු ලෝකයේ යම් යම් විෂය ක්ෂේත්‍රයන් සදහාවු තරගයකුයි. මේ තරගය සදහා සහභාගිවන දරුවන්ගේ මනස වැඩි දියුණු වනවා. මෙහිදී අන්තර් ජාතික තරගයට සහභාගිවන දරුවන් සදහා විශ්ව විද්‍යාලය තුළින් නොමිලයේ පුහුණුවීම් ලබාදෙනවා.
මේ අනුව සෑම වසරකම දරුවන් 6 දෙනෙකු ජාත්‍යන්තර තරගයටන් ට සහභාගිකර විමට කටයුතු කරන බවද පැවසුවේය.දරුවන් රටවලට රැගෙන යාමේදී මේ සදහා ප්‍රතිපාදන ලබා දිමට රජයේ කිසිදු ආයතනයක් ඉදිරිපත් නොවීම කණගාවට කරුණක්.”
වැඩි දුරටත් අදහස් දැක්වු මහචාර්ය සුමතිපාල හල්පිට මහතා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න