පානදුර නගරයේ ජනප්රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ.
මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු ප්රදේශය විශාල දූවිල්ලකින් වැසී ගොස් ඇත.
ජනප්රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්රාත්කරුවෙකුට පවරා ඇති අතර අද (30) දහවල් බැකෝ යන්ත්රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබේ.
එම බැකෝ යන්ත්රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇත.