Spread the love

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවන් අදහසක්

ඇතැම් වෘත්තිය සමිති වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බවය.

කෙසේ නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා පවසයි