Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව දුම්රියනියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පවසයි.

එම මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මහව සිට අනුරාධපුරය දක්වා කොටස පසුගිය ජනවාරි මස සිට වසා දැමූ බවයි එන් ජේ ඉඳිපොළගේ මහතා වැඩි දුරටත් පැවසුවේ.