Spread the love

නිමල් රාජපක්ෂ 
දිවයින පුරා වැටලීම් සිදු කොට සැකකරුවන් අධිකරණ වෙත හා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට ගතවු මාස නවය තුළ රුපියල් පනස් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබාදීමට සමත්වුබව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ.ජී සමන්ත ජානක මහතා පවසයි.
කොළඹ අවට හා ඇඹිලිපිටිය, අනුරාධපුර ,කුරුණෑගල,මාතර, ගාල්ල යන ප්‍රදේශවල සිදු කළ වැටලිම් වලදී හෙරොයින් හා අයිස් මතද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

නමුත්මීට අමතරව කල්පිටිය ,හලාවත ,දඹුව හා නොරොච්චෝලේ ප්‍රදේශවලදි මුහුදු මගින් බෝට්ටු වල ආධාරයෙන් මෙරටට නිතිවිරෝධීව ගෙනා රුපියල් කෝටි හතක් වටිනා තොන්ඩු කොල තොගයක්ද,බෝට්ටු මගින් මෙරටට ගෙන අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට හැකිවු බවද කේ.ජී සමන්ත ජානක මහතා පැවසුවේය.
මෙහිදී අත්අඩංගුවට ගත් තොන්ඩු කොල තොගය සමගින් සැකකරු සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් තිස්ලක්ෂයක දඩ මුදලයක් අයකර ගැනිමට ද සමත්විය.
මිට අමතරව හොරොයින් ,අයිස් වැනිමත්ද්‍රව්‍ය සදහා අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද, අලුත්කඩේ,කොටුව ,ගල්කිස්සස ,වත්තල ,මහර ,මාතර හා මීගමුව යන මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත්කොට රුපියල් නවලක්ෂ අසුතුන්දහසක දඩ මුදලක් අයකර ගත්හ.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ,සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරි කේ.පී.එස්. පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ.ජී. සමන්ත ජානක මහතා ගේ මෙහෙයවීමෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම වැටලිම් සිදු කළහ.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න