Spread the love

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණු අතර, ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්කළේය.

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම නිසා මෙම ඡන්ද විමසීමේදී ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්න‍ේ.