Spread the love

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දැනට පවතින මිල සූත්‍රය අනුව එම යෝජනාවලිය සකස් කර තිබෙ.

මහජන උපයෝගීතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබාදීමෙන් පසු විදුලි බිල අඩුකිරීමෙ ප්‍රතිශතයන් ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අතර පුරප්පාඩු වී ඇති මහජන උපයෝගීතා කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතිබව බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලි බිල අඩුකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මෙලෙස යෝජනාවක් ඉදිරිපත් කරනුයේ මෙම වසරේ තෙවන වරටයි.