Spread the love

රටේ ආරක්ෂාව පිලිබදව යලිත් අවධානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

නාමල් රාජපක්ෂ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදිය.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ ආරක්ෂාව තර කිරිමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගත යුතු බවයි.

මෙරට තනාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කල යුතු බවයි.

සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කල හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් හිටපු පා.ම සි.බි.රත්නායක මහතාද සහභාගි විය.