Spread the love

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා විසින් එම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන ලද ඒ ජී මුදයන්සේ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ මුදියන්සේ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරගත කරන බැවිනි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙතද සිදුකර තිබූ පැමිණිල්ලක් මත මැතිවරණ කොමිසම එම පත්වීම අත්හිටුවා තිබින.

කෙසේ වෙතත් ආණ්ඩුකාර කාර්යාලය මුදියන්සේ මහතා මැතිවරණයට තරග කරන බව අපේක්ෂකයකු බව නොදැන පත්කිරීම සිදුකර ඇති බවද වාර්තාවෙයි.