Spread the love

නිමල් රාජපක්ෂ –
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් යැයි පවසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් කප්පම් ලබා ගන්නා පුද්ගලයකු පිළිබදව මඩකලපුව දුම්රිය ස්ථානාධිපති මඩකලපුව පොලීසියට පැමිණිලි කර තිබේ.
අදාල පුද්ගලයා තමන්ගේ වාහනය අසවල් තැන තිබෙන බවත් එම ස්ථානයේ සිටින අයට රුපියල් 5000/ ලබාදියයුතු බවත් පවසමින් වව්නියාව හා මඩකලපුව යන දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරු න් හට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සිදු වන බවට තොරතුරු අනාවරණය වෙයි.