Spread the love

මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නව පෙරලියක් ඇතිකර පලදායිතා සම්මානය , ජාතික තත්ත්ව සම්මානය ලබා ගැනීමට හැකිවුයේ තමන් රාජකාරි කළ සමයේ බව හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් බී විජයරත්න මහතා පවසයි.
කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමත් ක්‍රමක් ක්‍රමයෙන් තමන් මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නව පෙරලියක් ඇති කිරීමත් සමගම මොටර් රථ දෙපාර්තුමේන්තුවට එක්දින සේවාවේ නිර්මාතෘ වන්නේ තමන් බවද අපහා පැවසුවේ සිහින් ආඩම්බරයක්ද සමගිණි.
එවකට රජයේ යෝජනාවලට අනුව නව තාක්ෂණය භාවිතා කරමින් ස්මාට් රියදුරු බලපත්‍රය හදුන්වාදිම සිදු කලේද තමන් රාජකාරි ක ළ අවධියේදීය. එවකට අකුසලතා ලකුණු ලබා දීම හදුන්වා දුන්නද එය යාවත්කාලීනව සිදුවන බවක් තවමත් පේන්න නැහැ. නමුත් රියදුරු බලපත්‍රය ලබා දිමේදී මුලින් විභාගය ලියන්නත් , විභාගය සමත්වු අයට මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින එල් බෝඩ් එකක් ලබාදි මාස තුනක් ඇතුළත රියදුරු පුහුනුව ලබාගෙන රියදුරු පරීක්ෂනයට (ට්‍රයල්) එකට ඉදීරිපත්වීමේ ක්‍රමවේදය සකස් කලේද මත රාජකාරි කළ අවදියේ බවද බී . විජේරත්න මහතා පැවසුවේය.

වීඩියෝව නරඹන්න