Spread the love

නිමල් රාජපක්ෂ

වෙන්නප්පුව හා හලාවත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම් වලදී මුහුදු මගින් මෙරටට ගෙනා රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු තෙන්ඩු කොල පැටවු ලොරි රථ දෙකක් හා සැකකරුවන් හතර දෙනෙකු වයඹ පළාත් සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් තොන්ඩු කොළ තොගයේ තෙන්ඩු කොළ කිලෝ 1300 ක් තිබු බව වයඹ පලාත 2 සහකාර සුරාබදු කොමසාරිස් උපාලි ජයසිංහ මහතා පවසයි.


මුහුදු මගින් ජාවාරම් කරුවන් තොන්ඩු කොල වයඹ පලාතට රැගෙන එන බවට ලද තොරතුරු අනුව නාවින හමුදාවේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කොට තිබේ
මෙහිදි තෙන්ඩු කොල තොගය සමගින් සැකකරුවන් සුරාබදු කොමසාරිස් නිශාන්ත ජයවීර මහතා වෙත ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළ අතර තොන්ඩු කොළ තොගය වෙන්දේසි කිරීමට නියම කර ඇත.

නාවික හමුදාවේ සහාය ඇතිව ,සුරාබදු කොමසාරින් නිශාන්ත ජයවිරී මහතා ගේ උපදෙස් මත, සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි හා වයඹ පලාත 2 සහකාර සුරාබදු කොමසාරිස් උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , නාත්තන්ඩිය සුරාබදු අධිකාරී ඒ .ආර් . ලැම්බට් මහතාගේ මෙහෙයවීමෙන් , මාරවිල , මාදම්පේ හා වෙන්නප්පුව සහ පාදුක්ක යන සුරාබදු ස්ථානවල නිලාධාරීන්ගේ සහාභාගිත්වයෙන් මෙම වැටලිම සිදු කළහ.

වීඩියෝව නරඹන්න,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න