Spread the love

කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) පැවසුවේය.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වන අලි රංචුවක් ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අබලන් වූ අතර, එය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය ආරම්භ කර තිබිණ.

මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර, රොටවැව ප්‍රදේශයේදී ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණු අතර, එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී, දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබිණ.

එහිදී වන අලින් දෙදෙනෙකු ද මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.