Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දක්ෂයෙක් වුවත් ඔහුට තනිවම රට හදන්න නොහැකි බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය හොඳම කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ යැවිමට ජනතාව කටයුතු කළ යුතු බවද ඇය පවසයි.

මහරගමදී පැවති ජන හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

75 වසරක් මෙරට ආණ්ඩු බලයේ සිටි කිසිවකුත් ජාතික ජන බලවේගයට බලය ලැබේ යැයි කිසි දිනක නොසිතූ නමුත් ජනතාව එම බලය තම පිරිසට ලබා දුන් බවද ඇය පැවසීය.

අද වන විට ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් නොව ජනතාවගේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ද ඇය කියා සිටී.