Spread the love

තමන් සන්තකව ඇති බව කියන පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වහාම රජයට බාර භාරදෙන ලෙස අමාත්‍ය විජිත හෙරත් මහතා විසින් උදය ගම්මන්පිල මහතාට ලබා දී තිබූ කාලය අවසන් වී තිබේ.

පසුගිය 16 වැනිදා අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ දින තුනක් ඇතුළත අදාළ වාර්තා රජයට භාරදීමට කටය කටයුතු කරන ලෙසය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ එම වාර්තා රජයට භාරදීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට රජය විසින් ප‍්‍රතිඥාවක් ලබා දිය යුතු බවය.

එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම එළඹෙන සඳුදා දිනයේ තමන් අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් රහසිගතව තබාගත යුතු ඇමුණුම් සියල්ල තමන් කිසිවක් ප්‍රසිද්ධ නොකරන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අදාළ ඇමුණුම් සහ වාර්තාව විජිත හේරත් මහතාට ලබාදීම සඳහා අවස්ථා කීපයකදීම ඔහුට දුරකථන ඇමතුම් ලබා ගත්තත් ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවත් බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් තමන් ඒ පිළිබඳව ලියාපදිංචි තැපෑලෙන් ලිඛිතව දැනුම් දී ඇති බවද කියා සිටියේය