Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින්, ශරීරයේ තුවාල හෝ සීරීම් පවතී නම් වතුරට නොබසින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පැවසුවාය.

මීයන්ගේ මුත්‍රා වතුරට එක්වී තිබීමෙන්, ශරීරයේ ඇති තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවත්, මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරිය අවධාරණය කරන්නේ.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය ඇති වන බව පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නාය