Spread the love

නිමල් රාජපක්ෂ-
බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පේඩ්රු හල්පතොට ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් එකකය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 27100 ක් ,දගරයක් බැරල් තොගයක් සමගින් පෙරිමට ගන්නා උපකරණ තොගයක් සොයාගත් බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක සරත් වෙත්තසිංහ මහතා පවසයි.
මීට අමතරව එදිනම මත්පැන් ලග තබාගත් සැකකරුවන් හත් දෙනෙකුද කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් මත්වී ඇත.
දකුණු පලාත් සහකාර සුරාබදු කොමාසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත්, ගාල්ල සුරාබදු අධිකාරී සේනක සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ, දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක සරත් වෙත්තසිංහ මහතා මෙහෙයවීමෙන් ,පරීක්ෂක බුද්ධික චමින්ද , සැරයන් 692 මාධව පුංචිහේවා,කෝප්‍රල් 1183 රුචිර මධුශාන් ,රියදුරු ජිනේන්ද්‍ර නිරෝෂන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.