Spread the love

මත් ජාවාමරම් කරුවකුට සිය ජාවාරම නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් වැඩ බලන පොලිස් ස්ථානාධිපති වරකුට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලීසිය ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිට දුරකථන ඇමතුමක් ලබාදී එම පොලිස් බලප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ඇත.

සැකකරු ඒ සඳහා මසකට රුපියල් 100,000/= ක අල්ලස් මුදලක් ලබා දීමට කැමති බවත් වැඩබලන ස්ථානාධිපතිට පවසා තිබේ.

ඒ අනුව, වැඩබලන ස්ථානාධිපතිවරයා අදාල සිද්ධිය පිළිබදව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කර ඇත.

වැඩබලන ස්ථානාධිපතිවරයා සැකකරු පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර එහිදී සැකකරු න් රුපියල් 50,000ක මුදලක් වැඩබලන ස්ථානාධිපතිවරයා ලබා දීමට උත්සාහ කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.