Spread the love

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පුරවැසියෝ සංවිධානය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය හා ක්‍රියාකාරීත්වයට පූර්ණ කාලීනව සම්බන්ධ වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ්‍ඇත

ඒ අනුව ජනතාවගේ අනුමැතිය හිමිවූ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ශ්‍රී ලංකා දේශපාලනයේ පරිවර්තනීය වෙනසක් සඳහා ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ.

බිම් මට්ටමේ තරුණ නායකත්වය බලමුලු නැංවීමෙන්, සමෘද්ධිමත් සහ සාධාරණත්වයෙන් යුත් අනාගතයක් පිළිබඳ දැක්ම සමඟ සමපාත වන දිගු කාලීන තිරසාර ප්‍රගතියක් සඳහා අඩිතාලම දැමීම සිය අරමුණ බවද ඔවුන් සඳහන් කරයි.

රටේ පුරවැසියන්ගේ අභිලාෂයන් යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පුරවැසියෝ සංවිධානය කැපවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

්‍

.