Spread the love

ඉදිරියේදී අමාත්‍යවරයෙකු සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව උපරිම වශයෙන් සිව් දෙනෙකුට සීමා වනු ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට උපරිම ලෙස ආරක්‍ෂකයන් දෙදෙනෙකු පමණක් ලබා දීමට නියමිතව ඇත.

ඇමතිවරයෙකට හතක් දහයක් අතර ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණයක්ද මන්ත්‍රීවරයකුට පහක් හතත් අතර ප්‍රමාණයක් ද ලබා දී තිබිණි.

පසුගිය අරගලය සමයේදී ඇතැම් මැති ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවද වැඩි කර තිබිණි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැති ඇමතුවරුන් ඇතුළු ප්‍රභූවරුන්ට දෙන ආරක්ෂාක නිලධාරීන් සංඛ්‍යාව ඒ වෙනුවෙන් පත්කරන කමිටුවෙන් නිර්දේශය කිරීමට නියමිතව තිබේ.