Spread the love

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඬුවම් නියම කර ඇත.

ඒ, 2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3 යි දශම 5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීමට අදාළවයි.

මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.